Don't Trouble the Trouble (2026)
- 2026
- Fantasy
- Drama
- Action
- ⭐ 7.0
- WEB-RIP
සූරි කියන්නේ තමන්ගේ වාසිය ගැන පමණක් සිතමින් ජීවත් වන සුළු පරිමාණයේ අපරාධකරුවෙක්. අන් අයගේ ප්රශ්නවලට මැදිහත් නොවී තමන්ගේ වැඩක් බලාගෙන ජීවත් වීමට කැමති ඔහුගේ ජීවිතය එක් අහඹු සිදුවීමක් නිසා සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ සිදුවීම ඔහුව දිව්යා නමැති අසාමාන්ය හැකියාවන් සහිත පුංචි දැරියක් සමඟ සම්බන්ධ කරනවා. දිව්යාට විශේෂ අද්භූත බලයන් තිබෙන අතර, ඇයගේ දෙමාපියන් අතුරුදන් වී තිබෙනවා. ඔවුන්ව නැවත සොයාගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින ඇය සූරිව මුණගැසෙන විට, ඔහු මැජික් ශිල්පියෙකු ලෙස වරදවා වටහා ගන්නවා. තමන්ගේ දෙමාපියන් සොයා දීමට සූරිට හැකි බව විශ්වාස කරන දිව්යා ඔහු සමඟ ගමනක් ආරම්භ කරනවා. මුලදී මේ පුංචි දැරියගේ ප්රශ්නයට මැදිහත් වීමට අකමැති වන සූරිට, පසුව ඇය සමඟ ගත කරන කාලය තුළ තමන් කිසිදා බලාපොරොත්තු නොවූ අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙනවා. අද්භූත බලයන්, අනපේක්ෂිත සිදුවීම් සහ විවිධ අනතුරු මැද ඔවුන්ගේ ගමන ඉදිරියට යනවා. තමන්ගේම වාසිය ගැන සිතූ සූරිට අවසානයේ මේ පුංචි දැරියගේ ජීවිතයේ වැදගත්ම පුද්ගලයා බවට පත්වීමට සිදුවේවිද? දිව්යාට තම දෙමාපියන් නැවත සොයාගැනීමට හැකි වේවිද?
Cast
Fahadh Faasil, Ssara Palekar, Saurabh Sachdeva, Venkatesh Kakumanu
Sinhala Subtitles
- Versions: 720p, 1080p
- Sinhala subtitles available (by cinemx.lk)