Fall 2022 poster

Fall (2022)

කඳු නැගීමේදී සිදුවූ අනතුරකින් තම සැමියා අහිමි වීමෙන් පසු, බෙකී තවමත් ඒ වේදනාකාරී මතකයන් සමඟ ජීවත් වෙනවා. ඇගේ මිතුරිය වන හන්ටර් ඇයව නැවතත් අභියෝගයකට මුහුණ දීමට පොළඹවන්නේ අතහැර දමා ඇති අඩි 2,000ක් පමණ උස රූපවාහිනී කුලුනක මුදුනට නැගීමෙනුයි. නමුත් ඔවුන් කුලුනේ මුදුනට ළඟා වූ පසු, පඩිපෙළ කඩා වැටීමත් සමඟ ඔවුන් දෙදෙනා අහස උසට නැඟුණු ඒ කුලුනේ සිරවෙනවා. වටේටම තියෙන්නේ නිමක් නැති අහසත්, යටින් පෙනෙන මරණීය ගැඹුරත් විතරයි. ජලය සහ ආහාර අවසන් වෙමින් පවතින අතර, උදව් ලබාගැනීමටත් කිසිම ක්‍රමයක් නැහැ. ජීවිතය බේරාගැනීමට ඔවුන්ට තමන්ගේ සියලු ශක්තිය සහ බුද්ධිය භාවිත කරන්න සිදුවෙනවා. අඩියක් වැරදුණත් මරණය නියත වන මේ භයානක උසින් ඔවුන් දෙදෙනාට ආරක්ෂිතව පහළට එන්න පුළුවන් වෙයිද?

Cast

Grace Caroline Currey, Virginia Gardner, Mason Gooding, Jeffrey Dean Morgan, Jasper Cole, Darrell Dennis, Bamm Ericsen, Julia Pace Mitchell

Sinhala Subtitles

You May Also Like

View with Sinhala Subtitles on Movie Mania LK