Man Across The Street 2026 poster

Man Across The Street (2026)

අතීතයේ සිදුවූ හිංසනයන්ගෙන් මිදී අලුත් ජීවිතයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් එමා නව නිවසකට පැමිණෙනවා. අසල්වැසි නිවසේ ජීවත් වන ස්ටීව් නම් කඩවසම් පුද්ගලයා ඇයට හමුවන්නේ මේ අතරතුරයි. මුලදී උදව් කරන, මිත්‍රශීලී පුද්ගලයෙකු ලෙස පෙනෙන ඔහු ගැන එමාටත් විශේෂ විශ්වාසයක් ඇති වෙනවා. නමුත් ටිකෙන් ටික අමුතු සිදුවීම් සිදුවෙන්න පටන් ගන්නවා. එමා දකින ස්ටීව් මීට වසර දෙකකට පෙර මියගිය පුද්ගලයෙක් බව හෙළි වීමත් සමඟ ඇයගේ ජීවිතය භයානක අභිරහසකට මැදි වෙනවා. එසේ නම් ඇයට නිතරම හමුවන මේ පුද්ගලයා කවුද? ඔහුගේ අනන්‍යතාවය පිටුපස සැඟවී තිබෙන්නේ මොන වගේ රහසක්ද? සත්‍යය සොයා යන එමාට හෙළිවෙන්නේ මිනීමැරුම්, රැවටීම් සහ කුරිරු අපරාධවලින් පිරුණු අඳුරු අතීතයක්. ඇය විශ්වාස කරන පුද්ගලයන් අතරින් සැබෑ අනතුර කවුරුන්දැයි හඳුනාගැනීමට ඇයට හැකි වෙයිද? නැත්නම් ඇයත් මීළඟ ගොදුර බවට පත්වෙයිද?

Cast

Amenah, Ryan Milord, Nicole Gustavsson, alexa adler, Chase Roback, JC Murray, Nicole Unger, Joe Palubinsky

Sinhala Subtitles

You May Also Like

View with Sinhala Subtitles on Movie Mania LK