Sense and Sensibility 2026 poster

Sense and Sensibility (2026)

පියාගේ මරණයෙන් පසු තමන් සතුව තිබූ සියල්ල අහිමි වී, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට සිදුවන ඩෑෂ්වුඩ් පවුලේ සහෝදරියන් දෙදෙනෙකු වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. ආර්ථික දුෂ්කරතා මැද මව සහ සහෝදරියන් සමඟ නව නිවසකට පදිංචියට යන එලිනෝර් සහ මැරියන්, ආදරය, පවුලේ බැඳීම් සහ සමාජයේ සීමාවන් අතර තම ජීවිත ගොඩනඟා ගැනීමට උත්සාහ කරනවා. එලිනෝර් තම හැඟීම් පාලනය කරමින් බුද්ධියට මුල් තැන දෙන අතර, මැරියන් ආදරය වෙනුවෙන් තම හදවතේ හැඟීම් නිර්භීතව අනුගමනය කරනවා. නමුත් ඔවුන්ගේ ආදර සම්බන්ධතා තුළ සැඟවුණු රහස්, බිඳුණු පොරොන්දු සහ බලාපොරොත්තු සුන්වීම් මතුවීමත් සමඟ දෙදෙනාටම ජීවිතය ගැන අලුතින් සිතන්න සිදුවෙනවා. එකිනෙකට වෙනස් අදහස් සහ හැඟීම් තිබුණත්, අභියෝග හමුවේ ඔවුන්ගේ සහෝදර බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. ආදරය වෙනුවෙන් හදවතට සවන් දිය යුතුද, නැත්නම් බුද්ධියට මුල් තැන දිය යුතුද? ඔවුන්ගේ ජීවිතවලට සතුට ගෙන එන සැබෑ ආදරය අවසානයේ කාට හිමි වෙයිද?

Cast

Daisy Edgar-Jones, Esmé Creed-Miles, Caitríona Balfe, Bodhi Rae Breathnach, Frank Dillane, Herbert Nordrum, George MacKay, Fiona Shaw

Sinhala Subtitles

You May Also Like

View with Sinhala Subtitles on Movie Mania LK