The Cycle (2026)
- 2026
- Crime
- Horror
- Thriller
- ⭐ 7.4
- WEB-RIP
දරුණු ලෙස ඝාතනය කළ මවකගේ සහ කුඩා දියණියකගේ සිරුරු සොයාගැනීමත් සමඟ, පොලිසියට තවත් අභිරහස් මළ සිරුරක් හමුවෙනවා. මේ සිරුර මීට වසර 36කට පෙර අතුරුදහන් වූ තම පියාගේ බව දැනගන්නා අධිකරණ වෛද්ය විශේෂඥවරියක් වන මෙගන් ගාර්ලන්ඩ්ගේ ජීවිතය එතැන් සිට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කුඩා කාලයේදීම තමන්ව සහ මවව අතහැර ගිය පියාගේ මරණය පිළිබඳ සත්යය සොයාගැනීමට ඇය පොලිස් විමර්ශනයට සම්බන්ධ වෙනවා. නමුත් මළ සිරුරේ තිබෙන අසාමාන්ය ලක්ෂණ සහ මරණය සිදුවූ ආකාරය පිළිබඳ ඇති නොගැළපීම් නිසා මේක සාමාන්ය මිනීමැරුම් පරීක්ෂණයක් නොවන බව ඇයට තේරුම් යනවා. විමර්ශනය ඉදිරියට යද්දී, මිනිස් දත් සලකුණු සහ සත්ව ප්රහාරවල සලකුණු එකට හමුවීමත් සමඟ අභිරහස තවත් භයානක වෙනවා. ඒ අතරතුර මළ සිරුරු නැවතත් අද්භූත ආකාරයෙන් වෙනස් වීමට පටන් ගන්නවා. තම පියාගේ අතීතය තුළ සැඟවී තිබෙන බිහිසුණු රහස කුමක්ද? මේ ඝාතන පිටුපස සිටින්නේ මිනිසෙක්ද, නැත්නම් මිනිස් ලෝකයට අයත් නොවන භයානක සත්වයෙක්ද? සත්යය හෙළි කරගැනීමට යන මෙගන්ට තමන්ගේ ජීවිතයත් අනතුරේ හෙළන්න සිදුවෙනවා. මරණය සහ අද්භූත භීෂණය එකට මුසු වන මේ පරීක්ෂණයේ අවසානය මොන වගේ වෙයිද?
Cast
Deborah Ann Woll, Jeffrey Donovan, Gretchen Corbett, Jack Doolan, Will Hochman, Dana Millican, Phillip Andre Botello, Don Keith Opper
Sinhala Subtitles
- Versions: 720p, 1080p
- Sinhala subtitles available (by Lksub.com)