The Dog Stars (2026)
- 2026
- Drama
- Thriller
- Adventure
- Science Fiction
- ⭐ 6.6
- WEB-RIP
මාරාන්තික වසංගතයක් නිසා මුළු ලෝකයේම ජනගහනයෙන් වැඩි පිරිසක් මියගිහින්. නීතියක් නැති, මිනිස්සුන්ට වඩා මරණය ළඟින්ම තියෙන මේ විනාශ වූ ලෝකයේ ජීවත් වෙන්න නම් හැම දවසකම සටන් කරන්න වෙනවා. තමන්ගේ බිරිඳත් වසංගතයෙන් අහිමි කරගත් හිග් කියන තරුණ ගුවන් නියමුවා, තමන්ගේ විශ්වාසවන්ත බල්ලා ජැස්පර් සහ හිටපු හමුදා සෙබළෙකු වන බැන්ග්ලි සමඟ අතහැර දැමූ ගුවන් තොටුපළක ජීවත් වෙනවා. ආහාර, ඉන්ධන සහ ඖෂධ සොයා යන අතරතුර, මරණීය කොල්ලකරුවන්ගෙන් තම ජීවිතය බේරාගන්නත් හිග්ට සිදුවෙනවා. ඒත් දවසක් ඔහුගේ ගුවන් විදුලියට ලැබෙන අද්භූත පණිවිඩයක් නිසා සියල්ල වෙනස් වෙනවා. ඒ පණිවිඩය තුළින් තවමත් වෙනත් මිනිසුන් ජීවත්ව සිටින බවට බලාපොරොත්තුවක් ඇති වෙනවා. බැන්ග්ලිගේ අනතුරු ඇඟවීම් පවා නොතකා, ඒ පණිවිඩයේ මූලාශ්රය සොයා හිග් භයානක ගමනක් ආරම්භ කරනවා. නමුත් ඔහුට ඉදිරියේදී හමුවෙන්නේ මොන වගේ මිනිස්සුද? මේ විනාශ වූ ලෝකයේ තවමත් මනුෂ්යත්වය සහ බලාපොරොත්තුව ඉතිරිව තියෙනවාද? ජීවිතය වෙනුවෙන් කරන මේ අභියෝගාත්මක ගමනේදී හිග්ට සොයාගන්න ලැබෙන දේ ඔහුගේ මුළු ජීවිතයම වෙනස් කරාවිද?
Cast
Jacob Elordi, Josh Brolin, Margaret Qualley, Guy Pearce, Benedict Wong, Allison Janney, Ewen Bremner, Sam Spruell
Sinhala Subtitles
- Versions: 720p, 1080p
- Sinhala subtitles available (by Subz.lk)